27 C
Colombo
11/03/2026

ආගමන විගමන නිලධාරීන් මත්තල සාමාන්‍ය පරිදි වැඩ

Share with your friends :

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ විශේෂ සත්කාර මගින් සඳහා වන සේද මාවත (සී.අයි.පී) මගී නිෂ්කාශන කටයුතුවලින් පමණක් ආගමන හා විගමන නිලධාරීන් ඉවත් වූ බවත් මත්තල ඇතුළු සෙසු සියලුම ගුවන්තොටුපළවල සාමාන්‍ය රාජකාරි පවත්වාගෙන යන බවත් ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමයේ සභාපති කේ. ඒ. ඒ. එස්. කණුගල මහතා අද (12) පස්වරුවේ පැවසීය.

මත්තල ගුවන්තොටුපලේ සේද මාවත (සී.අයි.පී) මගී නිෂ්කාශන පර්යන්ථයක් නොමැති බවත් එම ගුවන්තොටුපලේ සාමාන්‍ය රාජකාරි පවත්වාගෙන යන බවත් කණුගල මහතා වැඩි දුරටත් කීය.

Share with your friends :