27 C
Colombo
11/03/2026

පාන් – බනිස් මිල නඟී

Share with your friends :

තිරිගු පිටි මිල ඉහළ දැමීම හේතුවෙන් පාන් ඇතුලු බේකරි නිශ්පාදන, ඇතුලු ආහාර ද්‍රව්‍ය වල මිල ඉහළ දැමීමට බේකරි හිමියන් පියවර ගෙන තිබේ.

ඒ අනුව පාන් ගෙඩියක මිල අද(12) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 20 කින් සහ සෙසු බේකරි නිශ්පාදන මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ප්‍රීමා සමාගම පාන් පිටි කිලෝවක මිල රුපියල් 34කින් ඉහළ දැමීම නිසා මෙම තීරණය ගත් බව බේකරි හිමියන්ගේ සංගම කියයි. ඒ අනුව පාන්පිටි කිලෝවක වත්මන් මිල රුපියල් 300කි.

ඒ අනුව පාත් රාත්තලක නව මිල රුපියල් 190 ත් 210 ත් අතර වන බව ඔහු පැවසීය.

Share with your friends :