27 C
Colombo
11/03/2026

නීතිය – සාමය ස්ථාපිත කරන්නැයි පොදුජන පෙරමුණ ඉල්ලා සිටියි

Share with your friends :

රට තුළ වහාම නීතිය හා සාමය පරිපූර්ණ ලෙස ස්ථාපිත කරන ලෙස වැඩබලන ජනාධිපතිපතිවරයාගෙන් සහ ආරක්‍ෂක අංශ වෙතින් දැඩිව ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ සඳහා පූර්ණ සහයෝගය ලබාදීමට සූදානම් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

රට හමුවේ පවතින ප්‍රචණ්ඩකාරී කණ්ඩායම්වල හැසිරීම බරපතල ලෙස සැළකිල්ලට ගතයුතු බව කියන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නීතිය හා සාමයට ඉහළින් කිසිවක් තිබිය නොහැකි බව ද සඳහන් කරයි.

සම්මත නීතියත් ව්‍යවස්ථාපිත ආයතන ව්‍යුහයත් ඊට අදාල ආයතනික ක්‍රියාවලියත් නිසි ලෙස ක්‍රියාත්මක වීමට එරෙහිව කටයුතු කිරීමට හෝ ඊට බාධා කිරීමට කිසිසේත්ම ඉඩ තැබිය නොහැකි බවත් ඒ හේතුවෙන් සියලු පුරවැසියන්ගේ ආරක්‍ෂාව සහ ජීවත්වීමේ අයිතිය සුරක්‍ෂිත කිරීමට වාහාම පියවර ගතයුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එම නිවේදනයෙන් අවධාරණය කරයි.

Share with your friends :