27 C
Colombo
11/03/2026

පාර්ලිමේන්තු පක්ෂ නායකයෝ හෙට නැවත රැස්වෙති

Share with your friends :

මතුවී ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (15) පෙරවරු 10.00ට පැවැත්වීමට නියමිතය.

එය මේ සතියේ පැවැත්වෙන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ තුන්වෙනි රැස්වීමයි.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් ඊයේ දිනයේද පැවැත්විණ.

එම රැස්වීමට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ද ත්‍රිවිධ හමුදාපතිවරු ද පොලිස්පතිවරයාද සහභාගිවූහ.

Share with your friends :