27 C
Colombo
11/03/2026

ජනපති ඉල්ලා අස්වීම කතානායකට

Share with your friends :

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට අද (14) රාත්‍රීයේ එවා ඇත.

ඔහු මෙම ලිපිය එවා ඇත්තේ සිංගප්පූරුවේ සිටය.

රටේ ඇතිවූ කලබලකාරි තත්වය හේතුවෙන් කොළඹ කොටුව ජනාධිපති මන්දිරයෙන් ඉවත් වී දිවයිනේ ආරක්ෂක ස්ථානයක රැඳී සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා සිය බිරිඳ ද ආරක්ෂකයන් දෙදෙනකු ද සමග ගුවන් හමුදාවේ විශේෂ යානයකින් පසුගිය 12 වෙනිදා මාලදිවයිනට පිටව ගිය අතර මාලදිවයිනෙන් පිටවී සිංගප්පූරුවට පැමිණියේ අද පස්වරුවේය.

ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාගේ සහ නීති අංශවල විමර්ශනයට ලක් වෙමින් පවතින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට පෙරවරුවේ පැවැත්වීමට නියමිත අතර අභිනව ජනාධිපතිවරයකු පත් කර ගැනීමට අදාල පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් එහිදී අවශ්‍ය තීරණ ගැනෙනු ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

Share with your friends :