27 C
Colombo
11/03/2026

ජනාධිපති-අගමැති සටනට සමඟි ජන බලවේගයත් එනවා

Share with your friends :

ජනාධිපති සහ අග්‍රාමාත්‍ය තනතුරට කළින් ගත් තීරණයට අනුව සමඟි ජන බලවේගය ඉදිරිපත්වීමට තීරණය කළ බවත් නාමයෝජනා ලබන සඳුදා භාරදෙන බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා අද (15) පස්වරුවේ පැවසීය.

නාමයෝජනා භාරදෙන අවස්ථාවේදී ජනාධිපති ධූරයට සහ අග්‍රාමාත්‍ය ධූරයට ඉදිරිපත් වන මන්ත්‍රීවරු හෙළි කරන බව කී කරුණාතිලක මහතා විවිධ පාර්ශව සමඟ සාකච්ඡා කර යම් සම්මුතියකට පැමිණීමට අවශ්‍ය කටයුතු සැකසීමට ද ක්‍රියාත්මක වෙමින් සිටින බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් කොළඹ 7 පිහිටි විපක්‍ෂ නායක කාර්යාලයේදී අද (15) පැවැති සාකච්ඡාවෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා එසේ පැවසීය.

Share with your friends :