27 C
Colombo
12/03/2026

මහ බැංකු අධිපතිට එරෙහිව කෝප් කමිටුවට පැමිණිල්ලක්

Share with your friends :

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කරවල ගෙවීම් පැහැර හැරීමට තීරණය කිරීමෙන් ශ්‍රී ලංකාව බරපතල කොන්දේසි සහිතව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යොමුවීමත් ණය පැහැර හැරීම පිළිබඳව ඇමෙරිකාවේ ගොනුකර ඇති නඩුවෙන් බරපතල තීන්දු ලැබිය හැකිවීමත් පිළිබඳව අවධානය යොමු කරන ලෙස ඉල්ලමින් ‘කෝප්’ කමිටුවේ සභපාති පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතාට ලිපියක් යොමු කර තිබේ.

ණය පැහැර හැරීමෙන් ශ්‍රී ලංකා රජයේ ආදායම් මෙරටට ලැබීමට පෙර ඝණිකෘත කොට තහනමට ගැනීම ඇතුළු ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට සිදුවන බවත් රටක් ණය ගෙවීම පැහැර හැරීම භයානක ප්‍රතිඵල ගෙන දෙන බවත් ‘‘වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ‘‘ යොමු කළ එම ලිපියේ සඳහන්ව තිබේ.

වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති ඉංජිනේරු කපිල රේණුක පෙරේරා මහතාගේ අස්සනින් යුත් එම ලිපියේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතුව තිබියදී මහා බැංකු අධිපතිවරයා මුදල් ඇමතිවරයා, කැබිනට් මණ්ඩලය සහ ජනාධිපතිවරයා නොසළකා කටයුතු කර ඇති බවත් සඳහන් කර තිබේ.

Share with your friends :