විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හවුල් පක්ෂ නවයේ නායකයන් අද පස්වරුවේ හමුවිය.
සමගි ජන බලවේගය වෙනුවෙන්, එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, බුද්ධික පතිරණ යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ද , හවුල් පක්ෂ වෙනුවෙන් විමල් වීරවංශ, උදය ගම්මන්පිල ,වාසුදේව නානයක්කාර, විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ ,ප්‍රේමනාත් දොලවත්ත, වීරසුමන වීරසිංහ, ගෙවිඳු කුමාරතුංග , අසංක නවරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද ඊට සහභාගි වූහ.
ජනාධිපති තෝරා ගැනීමේ ඡන්ද විමසීමට තමාද ඉදිරිපත් වන බැවින් ,ඊට සහය ලබාදෙන්නැයි සජිත් ප්‍රේමදාස මහතා එම පක්ෂ නායකයින්ගෙන් ඉල්ලීමක් කර ඇත.
