27 C
Colombo
12/03/2026

ශ්‍රීලනිප-රිෂාඩ් – මනෝ ගනේෂන් සහයත් ඩලස්ට

Share with your friends :

ජනාධිපතිවරයකු තෝරා ගැනීමේ ඡන්ද විමසීමේදී ඩලස් අලහප්පෙරුම මහතාට සහය ලබාදීමට ශ්‍රීලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.
අද රැස්වූ පක්ෂ මධ්‍යම කාරක සභාව මෙම තීරණය ගත් බව එහි මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ඒ අනුව පක්ෂය නියෝජනය කරන නව දෙනකු ඩලස් අලහප්පෙරුම මහතා වෙනුවෙන් ඡන්දය ලබාදෙන බව මහලේකම්වරයා කීය

රිෂාඩ් බදුර්දීන් මහතා නායකත්වය දරන සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයද ජනාධිපති අපේක්ෂක ඩලස් අලහප්පෙරුම මහතාට සහාය ලබාදීමට තීරණය කර ඇත.

බදුර්දීන් මහතා අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව දැනුම් දුන්නේය.

අනුප්‍රාප්තික ජනාධිපති තේරීම සම්බන්ධයෙන් දමිළ ප්‍රගතිශීලී සන්ධානය, සමගි ජන සන්ධානය සමඟ එක්ව හවුල් ආණ්ඩුවක් ලෙස කටයුතු කිරීමට එකඟ වූ ඩලස් අලහප්පෙරුමට සහය පළ කරමින් ඡන්දය ලබා දීමට තීරණය කළ බව එහි නායක මනෝ ගනේෂන් මහතා පැවසීය.

දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායකත්ව මණ්ඩලය අද පස්වරුවේ නුගේගොඩ පිහිටි පක්ෂ ලේකම් කාර්යාලයේ රැස්වී මෙම තීරණය ගත් බවත් ඔහු සඳහන් කළේය.

අනුප්‍රාප්තික ජනාධිපති තේරීම සඳහා තරඟ කිරීමට නාම යෝජනා බාරදුන් සියලු අපේක්ෂකයන් සම්බන්ධයෙන්, සාකච්ඡා කර මෙම තීරණය ගත් බවත් මනෝ ගනේෂන් මහතා තවදුරටත් කීවේය.

Share with your friends :