27 C
Colombo
11/03/2026

රනිල්ට අභියෝග කල ධම්මික පෙරේරා මන්ත්‍රීධූරයෙන් අස්වෙයි

Share with your friends :

ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැ.

බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ධම්මික පෙරේරා මහතා පසුගියදා පත් කෙරිණ.

ඉන් අනතුරුව ඔහු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසද දිවුරුම් දුන්නේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට හැරදා ගිය පසු ධම්මික පෙරේරා මහතා එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය. ඇමති ධුරය දරමින් සිටියදී ඔහු එවකට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට ප‍්‍රසිද්ධියේ චෝදනා කරමින් කියා සිටියේ වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

Share with your friends :