27 C
Colombo
11/03/2026

අරගලකරුවන්ට පහර දීම ගැන සජිත්ගෙන් දැඩි ප්‍රකාශයක්

Share with your friends :

ගෝල්ෆේස් අරගල කරුවන්ට මාධ්‍යවේදීන්ට සහ සිවිල් පුරවැසියන්ට අද අළුයම පහරදුන් පහර දුන් සහ ඊට නියෝග දුන් සියලුම දෙනාට එරෙහිව පරීක්ෂණ ආරම්භ කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය .

මෙම නින්දා සහගත බියගුලු ප්‍රහාරය පිළිබඳව තමා දැඩි කම්පනයට පත්ව සිටින බවත් ප්‍රහාරය පිළිකුළෙන් යුතුව හෙළා දකින බවත් ඔහු සඳහන් කළේය .

රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුවට එරෙහිව මුළු රටම නැගී සිටින දිනය වැඩි ඈතක නොවන බවද විපක්ෂ නායකවරයා කීවේය.

ඔහු මෙසේ පැවසූවේ අරගල කරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමිනි.

Share with your friends :