27 C
Colombo
11/03/2026

ජනධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අරගලකරුවන් පිරිස ඉවත් කරයි

Share with your friends :

පොලිසිය සහ හමුදාව ,විශේෂ කාර්ය බළකාය එක්ව ජනාධිපති ලේකම්කාර්යාලය අසල රැඳිසිටි අරගලකරුවන් අද (22) අළුයම එම ස්ථානයෙන් ඉවත් කර ඇත.

අරගලකරුවන් අත්පත් කරගෙන සිටි ජනාධිපති ලේකම් කාර්යාලය සම්පූර්ණයෙන්ම සිය පාලනයට ගෙන ඇති අතර , ගාලු මුවදොර බාලදක්ෂ මාවත දක්වා ම වූ භූමි ප්‍රදේශයේ සියලු කූඩාරම් ඉවත් කර එම ප්‍රදේශයේ ද අරගලකරුවන්ගෙන් නිදහස් කරගෙන ගෙන ඇති බව වාර්තා වේ.

එහිදී ඇතිවූ ගැටුමින් නීතිඥවරුන් දෙදෙනකු ඇතුළු ඇතුළු පුද්ගලයන් අට දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

ජනාධිපති ලේකම් කාර්යාලය දෙසින් දහසකට ආසන්න භට කණ්ඩායමක් අද අළුයම 1.30 ට පමණ අරගල භූමියට ඇතුළු වී අරගලකරුවන් එම ස්ථානයෙන් පලවා හැර ඇත.

මෙහිදී දෙපාර්ශවය අතර උණුසුම් තත්වයක් හටගෙන ඇති අතර එහිදී අරගලකරුවන් පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වෙයි .

ගාලුමෝදරට පිවිසෙන මාර්ග සියල්ලම පිටස්තර පුද්ගලයන්ට ඇතුළුවීමට නොහැකි වන අයුරින් වසා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.

මේ හේතුව නිසා අරගලකරුවගේ සහයට කිසිවකුටත් ගාලුමෝදර දක්වා ගමන් කිරීමට නොහැකි විය.

මෙම ගැටුම් අතරතුර දෙස් විදෙස් මාධ්‍යවේදීන් පිරිසක් ද ප්‍රහාරවලට ලක්ව තුවාල ලබා සිටි අතර මාධ්‍යවේදීන් කිහිප දෙනෙක්ම අත්අඩංගුවට පත්වී ඇතැයි ද වාර්තා වේ.

කිසිදු දැනුම්දීමක් නොමැතිව පැමිණි හමුදා සහ පොලිස් කණ්ඩායම් අරගලකරුවන්ට පන්න පන්නා පහර දුන් බවට අරගලකරුවෝ චෝදනා කළහ .

පිරසට පහර දෙන ආකාරය අරගලකරුවන් විසින් වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙත ද මුදා හැර ඇත.

Share with your friends :