27 C
Colombo
11/03/2026

ඩලස්ගේ අය වෙන් වෙන්න තීරණයක්

Share with your friends :

ජනාධිපතිවරයා තෝරාගැනීමේ දී ඩලස් අලහප්පෙරුම මහතාට සහාය දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කණ්ඩායම ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කරනු ඇතැයි වාර්තා වේ.

එම කණ්ඩායමට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දහසය දෙනෙකු පමණ ඇතුළත් වන බව ද පැවසේ.

ඩලස්අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් එම කණ්ඩායමට මහාචාර්ය ජී එල් පීරිස්, මහාචාර්ය චරිත හේරත්, මහාචාර්ය චන්න ජයසුමන,ආචාර්ය නාලක ගොඩහේවා යන මහත්වරුන්ට අමතරව,පොදුජන පෙරමුණේ” හෘද සාක්ෂියට එකග මන්ත්‍රී කණ්ඩායමද ඇතළත් වනු ඇති බව පැවසේ.

මෙම කණ්ඩායම ඉදිරියේ දී නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම සම්බන්ධයෙන් ද අවධානයෙන් සිටින බව දැනගන්නට ඇත.

Share with your friends :