27 C
Colombo
11/03/2026

ඉන්දීය පොහොර වලින් මෙට්‍රික් ටොන් 15000 ක් තේ වගාවට

Share with your friends :

ඉන්දියාවෙන් ලැබුණු යූරියා පොහොර වලින් මෙට්‍රික් ටොන් 15,000ක් තේ වගාව සඳහා ලබා දීමට තීරණය කළ බව කෘෂිකර්ම, වනජීවී හා වන සංරක්ෂණ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මහින්ද අමරවීර මහතා නව රජයේ කෘෂිකර්ම වනජීවී හා වන සම්පත් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව කෘෂිකර්ම අමාත්‍යාංශයට ගොස් යුරියා පොහොර බෙදා දීම හා ඊට අවශ්‍ය ඉන්ධන අවශ්‍යතාවයන් පිළිබඳව සාකච්ඡා කළේය.

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලැබුණ යුරියා පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 65,000ක් ලැබීමට නියමිත අතර මෙි වන විට පොහොර මෙට්‍රික් ටොන් 44,000ක් ලැබී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

එම යූරියා තොගයෙන් සියයට 60කට ආසන්න ප්‍රමාණයක් බෙදා හැරීමට කටයුතු කර ඇති බව රජයට අයත් පොහොර සමාගම් දෙකේ සභාපතිවරු අමාත්‍යවරයාට දැනුම් දුන්හ.

එළවළු වගාව සඳහා අවශ්‍ය මිශ්‍ර පොහොර විශේෂයෙක් ඉතා කඩිනමින් නිෂ්පාදනය කරන ලෙසත් ඉදිරි සති දෙක තුළ එම පොහොර වෙළෙඳපොළට සැපයීම සඳහා කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍යවරයා කීවෙි නව ජනාධිපතිවරයාට වැඩ කිරීම සඳහා සාධාරණ කාලයක් ලබා දිය යුතුය යන ස්ථාවරයේ තමන් ද සිටින බවයි.

Share with your friends :