27 C
Colombo
11/03/2026

ජනපති මන්දිරයෙන් පිත්තල බෝල ඉස්සූ තිදෙනා රිමාන්ඩ්

Share with your friends :

ජනාධිපති මන්දිරයට බලෙන් ඇතුළු වී එහි ජනෙල් තිර රෙදි එල්ලීම සදහා බිත්තිවල සවිකර තිබූ රත්‍රන් පැහැති පිත්තල බෝල 40ක් සොරකම්කරන ලදැයි වැලිකඩ පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනකු ලබන 05 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (25) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගා රගත කරනු ලැබුවේ රාජගිරිය ඔබේසේකරපුර පදිංචි මුත්තයියා මහේෂ් කුමාර්, මුත්තයියා විජේකුමාර් සහ මුත්තයියා දොරේ සාමි ඉන්ද්‍රකුමාර යන අයවලුන්ය.

මෙම සැකකරුවන් ඉකුත් ජුලි මස 09 වැනිදායින් පසු දිනෙක ජනාධිපති මන්දිරයට අනවසරයෙන් ඇතුලු වී එහි තිබූ ජනේල් තිර රෙදි එල්ලීම සදහා බිත්තිවල සවිකර තිබූ රත්‍රං පැහැති පිත්තල බෝල 40ක් සොරකම් කර ඇති බවත් පසුව ඒවා පෞරාණීක භාණ්ඩ ලෙස සදහන් කරමින් විකිණීමට සුදානම් කර තිබියදී පොලීසියට ලද තොරතුරකට අනුව අත්අඩංග-ුවට ගත් බවත් කොටුව පොලිසිය අධිකරණයට කරණු ඉදිරිපත් කළේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් ලබන 05 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල් තැබිය.

Share with your friends :