27 C
Colombo
10/03/2026

භයානකයි – වේගයෙන් පැතිරෙන කොවිඩ් අනු ප්‍රභේදයක් ශ්‍රී ලංකාවේ

Share with your friends :

සීඝ්‍ර පැතිරීමක් සහිත ඔමික්‍රොන් බී.ඒ 5 යනුවෙන් හැඳින්වෙන කොවිඩ් අනු ප්‍රභේදය මෙරටින් ප්‍රථම වතාවට හමුවී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.

වේගයෙන් පැතිරෙන මෙම ප්‍රභේදය නිසා රටේ දරුණු තත්වයක් ඉදිරියේදී මතු විය හැකි බවද ඔහු සඳහන් කළේය.

අද ලෝකයේ සීඝ්‍රයෙන් පැතිරෙන කොවිඩ් අනු ප්‍රභේදය මෙය බව සඳහන් කරන ජීවන්දර මහතා මේ හේතුවෙන් මෙරට කොවිඩ් රෝගීන් සංඛ්‍යාව වේගයෙන් ඉහළ යෑමට ඉඩ ඇතැයිද ප්‍රකාශ කළේය.

විශේෂයෙන්ම කොළඹ ආශ්‍රිත ප්‍රදේශවලින් මෙම අනු ප්‍රභේදය සුලබව හමුවූ බවත් මෙම තත්වය සැලකිල්ලට ගෙන ජනතාව සෞඛ්‍ය නීති පිළිපදිමින් පරිස්සම්කාරී ලෙස කටයුතු කිරීම ඉතා වැදගත් බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Share with your friends :