27 C
Colombo
10/03/2026

අර්බුදයෙන් රට මුදාගන්න වැඩපිළිවෙළක්

Share with your friends :

මෙම වසර අවසානය වන විට රට පවතින අර්බුදකාරී තත්වයෙන් මුදවාගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල මේ වන විටත් සකස් වී ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ මහබැංකු අධිපතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (2) පැවසීය.

විදේශ විනිමය අර්බුදය විසඳන මාර්ගය කරා රට අඩියෙන් අඩිය ගමන් කර ඇතැයි ඔවුන් දැනුම්දුන් බව ඇමතිවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (2) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

රට තුළ යම් පාර්ශව සතුව ඇති විදේශ මුදල් ඇත්නම් කිසිඳු ප්‍රශ්න කිරීමකින් තොරව එම මුදල්වලින් නේවාසික විදේශ මුදල් ගිණුමක් හෝ වෙනත් ගිණුමක් විවෘත කිරීමටත්, මුදල් දී රුපියල් ලබාගැනීමටත් ඉදිරි මසක සමාකාලයක් ලබාදෙන චක්‍රලේඛයක් මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කිරීමට නියමිත බව ඇමතිවරයා කීය

Share with your friends :