27 C
Colombo
10/03/2026

ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට

Share with your friends :

ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කොළඹ කොටුව පොලීසිය මගින් අද (3) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ කොටුව ගුරු මැදුරට පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් අද පස්වරුවේ ස්ටාලින් මහතා අත්අඩංගුවට ගනු ලැබීය.
ඉකුත් මැයි 28 වන දින අධිකරණ නියෝග නොතකා උද්ඝෝෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ස්ටාලින් මහතා අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කළේය.

Share with your friends :