27 C
Colombo
10/03/2026

සර්ව පාක්ෂික කතාවලට තව පක්ෂ තුනක් ජනපති හමුවෙයි

Share with your friends :

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම පිළිබඳව සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා කළේය.

දෙමළ ජාතික සංවිධානයේ මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරන්, ධර්මලිංගම් සිද්ධාර්ථන්, සෙල්වම් අඩෛක්කලාදන්, ශානක්කියම් රාසමානික්කම් යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රී කණ්ඩායම මීට එක්ව සිටි බව ජනාධිපති කාර්යාලය පවසයි.

සර්ව පාක්ෂික රජයක් පිළිබඳ සිය පක්ෂයේ අදහස් ඔවුන් දීර්ඝ ලෙස ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබෙි.
මේ වන විට ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අන්තර්කාලීන අයවැය පිළිබඳව ද ජනාධිපතිවරයා මන්ත්‍රී කණ්ඩායම දැනුවත් කළේය.

කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්ෂය සහ අතුරලියේ රතන හිමි ඇතුළු විජය ධරණි ජාතික සභාව ද අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා කර තිබෙි.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කරුණු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණ.

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සඳහා රජය සහ දේශපාලන පක්ෂ අතර පැවැත්වෙන සාකච්ඡා ඊයේ ආරම්භ කෙරණු අතර අද පැවැත්වුණේ එහි දෙවන සාකච්ඡා වටයයි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද සාකච්ඡාවන්ට එක්ව සිටියේය.

Share with your friends :