27 C
Colombo
10/03/2026

මහ රැජන ජනපතිට සුබ පතයි

Share with your friends :

එළිසෙබෙත් මහ රැජන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබ පැතුම් පණිවිඩයක් එවා තිබේ.

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් මහරැජනගේ සුභ පැතුම් පණිවිඩය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කර තිබේ.

“ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ධූරයට පත් වූ ඔබට මගේ සුබ පැතුම් පිරිනැමීමට කැමැත්තෙමි. ඔබගේ ජනාධිපති ධුර කාලය තුළ අප දෙරට අතර උණුසුම් මිත්‍රත්වය ඉදිරියට ගෙන යාමට මම බලාපොරොත්තු වෙමි. ඔබගේ අනාගත භූමිකාවට සහ සාර්ථකත්වයට මාගේ සුභ පැතුම් පිරිනමමි”යනුවෙන් එළිසබෙත් මහ රැජිනගේ සුභ පැතුම් පණිවිඩයේ දැක්වේ.

Share with your friends :