27 C
Colombo
10/03/2026

ණය කොන්දේසියක් ලෙස රාජ්‍ය ආයතන 40 විකුණයි

Share with your friends :

ණය ලබාදීමේ කොන්දේසියක් ලෙස රාජ්‍ය ආයතන හතළිහක් පෞද්ගලීකරණය කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉල්ලීමක් කර ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.

එම පෞද්ගලීකරණ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන අවස්ථාවේදී විපක්ෂය හැටියට අවශ්‍ය සහයෝගය දිය හැකි බවද හෙතෙම සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට දැඩි ආර්ථික ක්‍රියාදාමයන් ගැනීමට සිදුවන බව ජනාධිපතිවරයා දැනුම් දුන්නේ යැයිද කිරිඇල්ල මහතා සඳහන් කළේය.

විපක්ෂයේ අනන්‍යතාවය ආරක්ෂා කරගෙන ආණ්ඩුවට සහාය ලබා දීමේ හැකියාව ඇති බව පැවසූ මන්ත්‍රීවරයා ඒ සඳහා ආණ්ඩුවට ඇතුළුවීමේ අවශ්‍ය නැතැයිද ප්‍රකාශ කළේය.

අද ආණ්ඩුව කියන්නේ රාජපක්ෂවරුන්ගේ කුණු හෝදන කුණු ලොරියක් හෙයින් ඊට සම්බන්ධවීමේ අවශ්‍යතාවක් නැතැයි ලක්ෂමන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවැසීය.

Share with your friends :