27 C
Colombo
10/03/2026

සර්ව පාක්ෂික ආණ්ඩුවට කකුල් මාට්ටු දාන අය ගැන මෛත්‍රිපාල කියයි

Share with your friends :

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට යන ගමනේදී කකුලෙන් අදින පිරිසක්ද සිටින බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

ඔවුන් කවුදැයි සොයා ගන්නැයිද ඔහු ඉල්ලීමක් කළේය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට කොටසක් කැමැත්තෙන් සිටින බව සඳහන් කළ හිටපු ජනාධිපතිවරයා සර්ව පාක්ෂික ආණ්ඩුවක තනතුරු ලබාගැනීමට බලාපොරොත්තුවක් නැතැයි ද සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවති රැස්වීමකින් අනතුරුවය.

Share with your friends :