27 C
Colombo
13/05/2026

ලිට්‍රෝ ගෑස් මිල 246කින් පහළට

Share with your friends :

ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල අද (8) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 246 කින් අඩු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (8) පස්වරුවේ පැවසීය.

ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක් රුපියල් 99 කින් ද, ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරයක් රුපියල් 45 කින් ද, පහත දැමූ බවත් මුදිත පීරිස් මහතා කීය.

එම මිල පහත දැමීමත් සමග රුපියල් 4,910 ක්ව පැවැති ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක නව මිල රුපියල් 4,664 ක් බවට පත්වූ බව කී මුදිත පීරිස් මහතා රුපියල් 1,971 ක්ව තිබූ ලිට්‍රෝ කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1872 ක් ද, රුපියල් 914 ක්ව පැවැති ලිට්‍රෝ කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 869 ද, දක්වා පහත වැටෙන බව ද සඳහන් කළේය.

තමන් සභාපති ධූරයට පත්වීමෙන් පසුව ක්‍රියාත්මක කළ ‘ගෑස් මිල සූත්‍රය’ට අනුව මෙම මිල පහත දැමීම සිදුවූ බවත් ලෝක ගෑස් මිල අනුව සෑම මසකම 5 වැනිදා වන විට ඉදිරියේදී මිල සංශෝධනය ක්‍රියාත්මක කරන බවත් සභාපතිවරයා කීය.

Share with your friends :