27 C
Colombo
11/03/2026

ගෝඨාභයගේ පැමිණීම ගැන තායිලන්ත අගමැතිගෙන් ප්‍රකාශයක්

Share with your friends :

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දින 90 ක කාලයක් තායිලන්තයේ රැඳී සිටීමට තායිලන්ත රජය අවසර ලබා දුන් නමුත් එම කාලය තුලදී ගෝඨාභය රාජපක්ෂ මහතා, තමන් හට ස්ථිර රැකවරණය ලබා දීමට කැමති රටක් සොයනු ඇතැයි තායිලන්ත අගමැති ප‍්‍රයුත් චාන් ඕ චා මහතා ප්‍රකාශ කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේ රැඳී සිටීමට ලබා දී තිබූ වීසා බලපත්‍රය අද (11) කල් ඉකුත් විය.

ගෝඨාභය රාජපක්ෂ මහතාට මානුෂීය හේතුන් මත තායිලන්තයට පැමිණීමට ඉඩ ලබාදුන් බවත් රාජපක්ෂ මහතා වෙනත් රටක ස්ථිර රැකවරණ සොයන අතරතුර තායිලන්තයේ කිසිඳු දේශපාලන කටයුත්තක් නොකරන බවට පොරොන්දු වූ බවත් තායිලන්ත අගමැති ප‍්‍රයුත් චාන් ඕ චා මහතා පැවසුවේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාට රාජ තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් හිමි බැවින් තායිලන්තයේ දින 90 ක කාලයක් රැඳී සිටිය හැකි බව තායිලන්ත විදේශ කටයුතු අමාත්‍ය දොන් ප්‍රමුද්විනායි මහතා ප්‍රකාශ කළේය.

Share with your friends :