27 C
Colombo
11/03/2026

ගෝඨාභය තායිලන්තයට

Share with your friends :

සිංගප්පූරුවේ රැඳී සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11) තායිලන්තය බලා යෑමට නියමිත බව රොයිටර් පුවත් සේවය පවසයි.

ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය සඳහන් කර ඇත්තේ, ගෝඨාභය රාජපක්ෂ මහතා, තාවකාලිව දින කීපයක් තායිලන්තයේ රැඳී සිටිනු ඇති බවය.

පසුගිය ජූලි 12 රාත්‍රියේ, ජනතා විරෝධතා හමුවේ ආගමන විගමන නිලධාරීන්ගේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ඔහුගේ බිරිද අයෝමා රාජපක්ෂ මහත්මිය සහ තවත් දෙදෙනෙක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් මාලදිවයින බලා පිටත්ව ගියහ.

ඉන් අනතුරුව, ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස, මාලේ අගනුවර සිට සිංගප්පූරුව බලා ගියේ සෞදි අරාබි ගුවන් සේවයට අයත් ගුවන් යානයකිනි.

ජූලි 14 වැනිදා සිට ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේ රැඳී සිටියේ අවස්ථා දෙකකදී සිංගප්පූරු රජයෙන් දින 14 බැගින් විසා අවසර ලබා දුන්නේය.

සිංගප්පූරු බලධාරීන් ගෝඨාභය රාජපක්ෂ මහතා ට ලබා දුන් වීසා කාලය අද (11) අවසන් වන අතර, ඔහු තායිලන්තය බලා පැමිණෙන්නේ ඒ අනුව බවත් රොයිටර් පුවත් සේවය පවසා තිබේ.

Share with your friends :