27 C
Colombo
11/03/2026

ජනපති ජපන් යයි

Share with your friends :

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ මාසයේ අග ජපානයට යාමට නියමිතය.

ජපානයේ හිටපු අග්‍රාමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දිගු කාලීන දේශපාලන මිතුරෙකි.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු අවස්ථාවලදී ෂින්ෂො අබේ මහතා ජපාන අග්‍රාමාත්‍යවරයා ලෙස ශ්‍රී ලාංකික දියුණුව වෙනුවෙන් සහයෝගය දක්වා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

දේශපාලන රැස්වීමක් අමතමින් සිටියදී ඉකුත් ජුලි 8වැනිදා සාහසිකයකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව ෂින්ෂො අබෙි මහතා අභාවප්‍රාප්ත විය.
ෂින්ෂො අබේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 27 වැනිදා ජපානයේ දී සිදු සිදුකිරීමට නියමිත ව ඇත.

Share with your friends :