27 C
Colombo
10/03/2026

තවත් භාණ්ඩ 300ක් ආනයනය අත්හිටුවයි

Share with your friends :

ආනයන අපනයන පාලන පනත යටතේ කිරිපිටි , යෝගට් ඇතුළු වෙනත් කිරි ආහාර , පලතුරු, ඇට වර්ග, සුවඳ විලවුන් ඇතුළු භාණ්ඩ 300 කට අධික ප්‍රමාණයක් ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවමින් මුදල් අමාත්‍යාංශය විසින් නිවේදනයක් ඊයේ (23) නිකුත් කරනු ලැබීය.

එම නිවේදනයට අනුව මෙම භාණ්ඩ ආනයනය අත්හිටුවීම ඊයේ සිටම ක්‍රියාත්මක වන්නේය.

රටේ මුදල් ස්ථාවරත්වය තහවුරු කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙලෙස ආනයනය තාවකාලිකව අත්හිටුවන ලද භාණ්ඩ ලයිස්තුවට පොල්, මල් හා පැළ වර්ග, රටකජු, චොකලට්, ජල බෝතල්, ඇල්කොහොල් රහිත බියර්,ෂැම්පු,දැව වර්ග ,කෘතීම කෙඳි වර්ග,ගෘහ උපකරණ,ඉදිකිරීම් උපකරණ යනාදියද ඇතුළත්වෙයි.

Share with your friends :