27 C
Colombo
07/03/2026

ජනපති හදිසියේ පාර්ලිමේන්තු සභා ගැබට පැමිණ ප්‍රකාශයක් කරයි

Share with your friends :

හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ආණ්ඩුව මිලියන 400ක් තියා රුපියල් 4ක් වත් වියදම් කර නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් අද පැවසීය.

අතුරු අය වැය පිළිබඳ විවාදය පැවැත්වෙමින් තිබියදී හදිසියේ පාර්ලිමේන්තු සභා ගැබට පැමිණි ජනාධිපතිවරයා මෙම ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.

මා පැහැදිලි කිරීමක් කළ යුතුයි .හිටපු ජනාධිපති වෙනුවෙන් ආණ්ඩුව මිලියන 400ක් තියා රුපියල් හතරක් වත් වියදම් කර නැහැ. ඒත් හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් හා ඒ අයගේ වැන්දඹුවන් වෙනුවෙන් ගෙවල් දී ඒ අය බලාගන්න රජයට යුතු කමක් තිබෙනවා”යනුවෙන් ද ජනාධිපතිවරයා පැවැසීය.

Share with your friends :