27 C
Colombo
13/05/2026

සංවර්ධනයට බාධා වන චක්‍රලේඛ සංශෝධනයට අණ

Share with your friends :

සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට බාධා වන චක්‍රලේඛ කඩිනමින් සංශෝධනය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දුන්නේ ඉන්දීය ආයෝජන සහයෝගීතාව මත රට තුළ ක්‍රියාත්මක සහ යෝජිත සංවර්ධන ව්‍යාපෘති කිහිපයක ප්‍රගතිය විමසා බැලීමට අද (09) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ය.

ඉන්දීය ආයෝජන මත මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති කිහිපයක ප්‍රගතියට මතුව ඇති බාධා කඩිනමින් නිරාකරණය කර ගැනීමට පියවර ගන්නා ලෙස මෙහිදී ජනාධිපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරුන්ට හා රාජ්‍ය නිලධාරින්ට උපදෙස් දුන්නේය.

පසුගිය රජයන් වරින් වර නිකුත් කර ඇති චක්‍රලේඛවල ඇතුළත් විධිවිධාන සංවර්ධනයට බාධාවක් වී ඇත්නම් ඒවා කඩිනමින් නිවැරදි කර ගැනීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

Share with your friends :