27 C
Colombo
08/03/2026

රජය සහල් බදු පැනවුවහොත් දේශීය සහල් කර්මාන්ත කඩා වැටෙනවා

Share with your friends :

රජය සහල් සඳහා විශේෂ බද්දක් පැනවීමේ සූදානමක් ඇති බවත් එවැනි බද්දක් පැනවීමට පෙර රජය දේශීය සහල් නිෂ්පාදන කර්මාන්තය පිළිබඳව දෙවරක් සිතිය යුතු බවත් නිව් රත්න සහල් ව්‍යාපාරයේ හිමිකරු මිත්‍රපාල ලංකේෂ්වර මහතා අද (19) පැවසීය.

රජය එවැනි බදු පැනවුවහොත් දේශීය සහල් කර්මාන්ත කඩා වැටීමෙන් රජය අමාරු තත්වයකට මුහුණදීමට සිදුවන බව කී මිත්‍රපාල ලංකේෂ්වර මහතා සහල් කිලෝවක් නිෂ්පාදන වියදම මීට වසර තුනට පෙර පැවතියා මෙන් පස්ගුණතික් ඉහළ ගොස් ඇති බව ද සඳහන් කළේය.

එළඹෙන මහ කන්නයේදී වී වගාවට ගොවියා ඉදිමත් කිරීමට නම් නාඩු වී කිලෝවකට රුපියල් 150 ක් ලබාදීමට රජය මැදිහත්විය යුතු බව කී ලංකේෂ්වර මහතා සඳහන් කළේ රට සහල් ගෙන්වීමට උත්සහ කරනවාට වඩා ගොවියා වගා කිරීමට උනන්දු කිරීම වැඳගත් බවත්ය.

නිව් රත්න සහල් ව්‍යාපාරයේ හිමිකරු මිත්‍රපාල ලංකේෂ්වර මහතා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් අද (19) පස්වරුවේ එසේ පැවසීය.

Share with your friends :