27 C
Colombo
07/03/2026

වප් පොහෝදින විහාරස්ථාන අඳුරේ තබයි

Share with your friends :

විහාරස්ථානවල විදුලි බිල දරගත නොහැකි ලෙස ඉහළ දැමීමට එරෙහිව වප් පොහෝදා සියලු විහාරස්ථාන විදුලි පහන් නිවා දමා දායකයන් සමග එක්ව විරෝධයක් පළ කරන බව ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහනා නිකායේ මධ්‍යම පළාත් සංඝ සභාව තීරණයක් ගත් බව මධ්‍යම පළාත් ප්‍රධාන සංඝ නායක ගොඩමුනේ පඤ්ඤාකිත්ති හිමිපාණන් වහන්සේ පැවැසූහ.

මහනුවර ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානයේ දි ශ්‍රී ලංකා රාමාඤ්ඤ නිකායේ අනුනායක කැප්පෙටියාගොඩ සිරිවිමල හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් රැස්වූ රාමඤ්ඤමහා නිකායේ මධ්‍යම පළාත් සංඝ සභාවේ භික්ෂූන් වහන්සේලා විශේෂ යෝජනාවක් සම්මත කරගනිමින් විදුලි බිල වැඩි කිරීමට රජය ගත් ක්‍රිියා මාර්ගයට විරෝධය පළ කරමින් එළෙඹෙන පොහෝ දිනයේ දී සියලු විහාරස්ථානවල විදුලි පහන් නිවා දැමීමට තීරණය කර තිබේ.

Share with your friends :