27 C
Colombo
10/03/2026

අයි.එම්.එෆ් ණය මුදල් පේන තෙක් මානෙක නෑ

Share with your friends :

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල ලබා ගැනීම සඳහා විධායක මණ්ඩලයේ අනුමැතිය දෙසැම්බර් මස මැද භාගය වන විට ලබා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂාවෙන් සිටියත් එසේ කාල සීමාවක් ප්‍රකාශයට පත් කිරීම ඉතාමත් අපහසු කාර්යයක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇතැයි නිකෙයි ඒෂියා පුවත්පත වාර් තා කළේය.

ණය බරින් පීඩිත වී සිටින ශ්‍රී ලංකාව ණය හිමියන් සමග සිදුකරන සාකච්ඡා වල ප්‍රගතිය මත බොහෝ දේ රඳා පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇත.

ණය සහන සාකච්ඡා ක්‍රියාවලියට කාලයක් ගතවන බැවින් මෙසේ කාලසීමාවක් අනුමානය කිරීම ඉතාමත් අපහසු කාර් යයක් බවත් ශ්‍රී ලංකාවට හැකි ඉක්මණින් අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සියලුම පාර්ශ්ව කාර්යක්ෂමව, කඩිනමින් කටයුතු කළ යුතු බවත් ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් සහ මෙහෙයුම් ප්‍රධානී මසහිරෝ නොසාකි මහත්වරුන් නිකෙයි ඒෂියා පුවත්පතට පවසා තිබේ.

Share with your friends :