27 C
Colombo
10/03/2026

පළාත් සභා ලොක්කන්ගේ දීමනා කපයි

Share with your friends :

පළාත් සභාවල සභාපතිවරුන්ගේ වාහන සහ ඉන්ධන, දුරකථන ඇතුළු දීමනා සීමා කිරීමට රජය තීරණය කර ඇත.

ඒ සඳහා වන විශේෂ චක්‍රලේඛයක් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් සියලුම ආණ්ඩුකාරවරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ ආණ්ඩුකාර ලේකම්වරුන් වෙත යවනු ලැබ ඇත.

ඒ අනුව පළාත් සභාවල සභාපතිවරයකුට එක් නිල වාහනයක් පමණක් වෙන් කෙරෙන අතර, ඒ සඳහා මාසික ඉන්ධන දීමනාව ලෙස ඉන්ධන ලීටර් 150ක් හිමිවනු ඇත.

ඉන්ධන දීමනාව , වෙළඳපොළෙ පවතින ඉන්ධන මිල ගණන් අනුව තීරණය කෙරේ.

මේ අතර, දුරකථන දීමනාව ලෙස ,කාර්යාලයේ දුරකතනය සඳහා මසකට රුපියල් පන්දහසක් ද,නිවසේ සහ ජංගම දුරකථනය සඳහා මාසිකව රුපියල් 2,500 බැගින් ද හිමි වනු ඇත.

පළාත් සභාවල සභාපතිවරුන් සඳහා මීට පෙර වාහන දෙක තුනක් මෙන්ම ඉන්ධන හා දුරකථන දීමනා මීට වැඩි ප්‍රමාණයක් හිමි විය.

පවතින ආර්ථික අර්බුදය සැලකිල්ලට ගෙන මෙම දීමනා සීමා කර ඇත.

පළාත් සභාවල නිල කාලය අවසන් වුවද ,මීළඟ පළාත් සභාව රැස්වන තෙක් සභාපතිවරයාගේ ධුරය බලාත්මක වනු ඇත.

Share with your friends :