27 C
Colombo
11/03/2026

මිලියන දහසක් වංචා කල තිලිනි ප්‍රියමාලිගේ ව්‍යාපාරවල මහ මොළකාරිය නිදැල්ලේ ?

Share with your friends :

මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි ගණනින් මුදල් ලබාගෙන වංචා කළ බව කියන තිලිනි ප්‍රියමාලි නමැති ව්‍යාපාරික කත සැංග්‍රිලා හෝටලයේ අධි සුඛෝප නිවසක වසර 1 1/2 පුරා වෙන්කවාගෙන මෙම වංචාව කර ඇති බවට තොරතුරු හෙළිව ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මේ අතර මෙම කාන්තාවට අදාළ ව්‍යාපාර බාධාවකින් තොරව කර ගෙන යාම සඳහා නායකත්වය දුන් තවත් ප්‍රධාන පෙලේ රූමත් කාන්තාවක් සිටින බවටද ඇගේ ඉහල සම්බන්ධතා හේතුවෙන් ඇය සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමැති බවටද දැඩි කතා බහක් මේ වන විට ඇතිවී තිබේ.

කොළඹ කොටුවේ ලෝක වෙළෙඳ මධ්‍ය ස්ථානයේ 34 වැනි මහලේ ආයතනයක් පවත්වාගෙන යමින් කාන්තාව ව්‍යාපෘති ආයෝජනය සදහා යැයි පවසමින් මෙම වංචාව කර ඇතැයි ද පොලිසිය කියයි.

මෙම සැකකාරිය අදාල හෝටලයේ අධි සුභෝගි නිවසක් (ස්ටිට්) වෙන්කරවාගෙන ඒ තුළ රැදී සිටිමින් මෙම වංචාව සිදුකර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

විදේශ රටවල සිට එම හෝටලයට පැමිණෙන ප්‍රභූන් වෙනුවෙන් මෙරට ප්‍රභූ පුද්ගලයන් වෙන්කර ගන්නා නිවාස බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම හෝටලයට අමතරව සැකකාරිය කොළඹ අවට සුඛෝපභෝගී මහල් නිවස කිහිපයකත් රැදී සිට ඇති බවට තොරතුරු ලැබී ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

රජයේ විවිධ තරාතිරමේ පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි 250 ක ට අධික මුදල් ආයේජනය කළ බවට පැමිණිලි 8 ක් මේ දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

ඇතැම් පුද්ගලයන් රුපියල් කෝටි ගණනින් මුදල් ලබා දී තිබුණද ඔවුන් එතරම් විශාල මුදල් ලබා දීම සම්බන්ධයෙන් ආදායම් බදු දෙපාර්තමේන්තුවට විමර්ශන ආරම්භ කර ඇතැයි බියෙන් පැමිණිළි කිරීමට පැමිණ නොමැති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

දැනට මෙම සැකකාරිය රුපියල් බිලියනය අධික මුදල් චංචා කර ඇති බවට සැකකරන බවත්, පුද්ගලයන්ගෙන් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකාරියට එරෙහිව හෝමාගම, කොළඹ , කඩුවෙල අධිකරණ වල තවත් නඩු විභාග වෙමින් පවතින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

මුදල් ආයෝජනය කළ පිරිස අතර අමැති ඇමැතිවරුන්, හිටපු මැති ඇමැතිවරුන්, ප්‍රභූපුද්ගලයන්, ව්‍යාපාරිකයන්, නළු නිලියන්, ප්‍රසිද්ධි චීවරධාරීන්, ඇතුලු සමාජයේ ඉහළ පැලැන්තියේ ජනප්‍රිය පුද්ගලයන් සිටින බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

සැකකාරියට එරෙහිව ලැබී ඇති පැමිණි 8 සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇත.

සැකකාරියට රුපියල් කෝටි 10 ක මුදලක් ලබා දුන් බව කියන හිටපු ආණ්ඩුකාරවරයා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලිකර ඇති අතර, අවස්ථා තුනකදී ඇයට මුල් ලබා දුන් බවට ඔහු පැමිණිළි කර ඇත.

මෙම කාන්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ලබන 19 දින දක්වා රිමාන්ඩ් බාරයට පත්කර ඇත.

Share with your friends :