27 C
Colombo
10/03/2026

රවී කරුණානායක එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධූරයට

Share with your friends :

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධූරයට හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පත් කිරීමට තීරණය වී ඇති බව එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ මහතා අදාළ තනතුරට පත් කරන ලෙස එජාප පාක්ෂිකයන්ගෙන් දැඩි ලෙස ඉල්ලීම් ඉදිරිපත්වී තිබේ. පක්ෂය යලි ප්‍රතිසංවිධානය කරන්නට නම් මනා සංවිධාන ශක්තියක් ඇති තැනැත්තෙකු එම තනතුරට පත් කල යුතු බව පක්ෂයේ මුල්පෙළ නායකයන්ගේද අදහස වී තිබේ.
දැනට පක්ෂයේ මහලේකම් ධුරය දරන පාලිත රංගේ බණ්ඩාර මහතාට පක්‍ෂයේ වෙනත් ධුරයක් හිමි වනු ඇති බවද එම ආරංචි මාර්ග කියා සිටී.

එජාප මහ ලේකම්, සභාපති, ජාතික සංවිධායක හා භාණ්ඩාගාරික තනතුරු සඳහා වෙනත් නිලධාරීන් පත් කිරීමට ද සැලසුම් කර ඇත.

පක්ෂයේ සභාපති ධුරය දරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා වන අතර ජාතික සංවිධායක ධුරය සාගල රත්නායක මහතා විසින් දරුයි.

Share with your friends :