27 C
Colombo
11/03/2026

මහපොළ ඉහළ දාන්න යෝජනා

Share with your friends :

විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අධ්‍යාපනය පවත්වාගනෙ යෑම සඳහා හිමිවන මහපොළ සහ ශිෂ්‍යාධාර දීමනා ලබන ජනවාරි මස සිට ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටින බව උස්ස අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරියෙක් පැවසීය.

රට තුළ උද්ධමනය ඉහළ යෑම පිළිබඳව අවධානය යොමු කර මහපොළ සහ ශිෂ්‍යාධාර දීමනා සියයට 50 කින් පමණ ඉහළ දැමීමට යෝජනා වී ඇති බවත් ඒ පිළිබඳ අවසන් තීරණය ඉදිරි සතියේ ගැනීමට නියමිත බවත් එම නිලධාරියා කීය.

මහපොළ දීමනාව මේ වන විට රුපියල් 5,500 ක් වන අතර ශිෂ්‍යාධාර දීමනාව රුපියල් 5,000 කි.

Share with your friends :