27 C
Colombo
11/03/2026

ප්‍රියමාලි සහ ව්‍යාපාර සහකරු යළි රිමාන්ඩ්

Share with your friends :

කෝටිපති ව්‍යාපාරිකයින්ගෙ මූල්‍ය වංචා කළැයි කියන සිද්ධියට අදාළ තිළිණි ප්‍රියමාලි සහ ඇගේ අනියම් සැමියා බව කියන ඉසුරු බණ්ඩාර යන අයවලුන් ලබන 02 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය අද (19) නියෝග කළාය.

මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ සිද්ධියට අදාළව විමර්ශන තවමත් අවසන්ව නොමැති බැවින් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ය.

Share with your friends :