27 C
Colombo
10/03/2026
up price inflation cost

තැපෑලෙන් විදුලි-ජල බිල්පත් ගෙවීමේ ගාස්තුව ඉහළට

Share with your friends :

තැපැල් කාර්යාලවලින් විදුලි සහ ජල බිල්පත් ගෙවීමේදී අය කරන සේවා ගාස්තුව රුපියල් 20 ක් දක්වා ඉහළ දමා තිබේ.

තැපැල් කාර්යාලවලින් විදුලි සහ ජල බිල්පත් ගෙවීමේදී මීට පෙර රුපියල් 5 ක් පමණක් අය කළ බවත් එම ගාස්තුව මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ද ඇතිව රුපියල් 15 කින් ඉහළ දැමූ බවත් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසීය.

තැපැල් දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් වියදම් ඉහළ යෑමත් බිල්පත් සේවාව සඳහා අදාල රාජ්‍ය ආයතන ගෙවූ ගාස්තුව පහළ දැමීමත් නිසා මෙසේ ගාස්තු ඉහළ දැමීමට සිදුවූ බව ද තැපැල්පතිවරයා වැඩි දුරටත් කීය.

Share with your friends :