27 C
Colombo
10/03/2026

අටමස්ථානාධිපති ලෙස හේමරතන හිමි පත් කරෙති

Share with your friends :

අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති ලෙස නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නාහිමියන් පත්කිරීමට අටමස්ථාන කාරක සභාව තීරණය කළේය.

අටමස්ථාන කාරක සභාවේ සභාපති වෛද්‍ය ජනක අනුරාධ බුලංකුලම මහතාගේ මූලිකත්වයෙන් පසුගියදා රැස්වූ එම කාරක සභාවේ ඒකමතික තීරණය අනුව මෙම පත්කිරීම සිදුකෙරිණි.

අටමස්ථානාධිපති උතුරු මැද දිශාවේ ප්‍රධාන සංඝනායක පල්ලේගම සිරිනිවාස නායක ස්වාමීන්වහන්සේ පසුගිය 18 වැනිදා අපවත් වීමෙන් පසු අටමස්ථානාධිපති ධුරය පුරප්පාඩු විය.

ඒ අනුව හේමරතන නා හිමියන් නොවැම්බර් 11 වැනි දා නිල වශයෙන් අටමස්ථානාධිපති ධුරයේ කටයුුතු ආරම්භ කිරීමට නියමිතය.

Share with your friends :