27 C
Colombo
11/03/2026

තිළිණිට – ජානකීට කෝටි අටක ආශිර්වාද පූජාවක්

Share with your friends :

තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලි සහ ක්‍රිස් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන යන අය ආශිර්වාද පූජාවක් සඳහා මිලියන 80ක මුදලක් කට්ටඩියෙකුට ලබා දී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය ඉදිරියේ කරුණු වාර්තා කර ඇත.

පැමිණිලිකරුවන් ගෙන් තිළිණි ප්‍රියමාලිට ලැබුණු මුදල් වලින් මෙම රුපියල් මිලියන 80ක මුදල ක්‍රිස් සමූහ ව්‍යාපාරයේ කාර්යාලයේදී ජානකී සිරිවර්ධන යන අයට ලබාදී ඇති බවට කරුණු අනාවරණය විනැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ප්‍රකාශ කළේය.

ජානකී සිරිවර්ධන අධ්‍යක්ෂ ධූරය දරන ක්‍රිස් සමූහ ව්‍යාපාරයට ඉන්දියාවෙන් මුදල් ලැබී තිබූ බවත්, පසුගිය කාලය පුරාම ඊට මුදල් නොලැබී ඇති බවත් විමර්ශනවලදී අනාවරණ වී ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

මහා පරිමාණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිලිනි ප්‍රියමාලි යන අයට මෙම වංචාවන් සිදු කිරීම සඳහා ආධාර අනුබල දුන්නැයි සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජානකී සිරිවර්ධන අත්අඩංගුවට ගෙන තිබුණේ 04 වෙනිදාය .

Share with your friends :