27 C
Colombo
10/03/2026

මට තිබුනේ එක ඇඳුමයි

Share with your friends :

තමාට පොඩි කාලේ තිබුනේ එක කලිසමක් සහ කමිසයක් පමණක් බවත් සතියේම හෝද හෝද ඇන්දේ ඒ ඇඳුම බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාසල් ගුරුවරුන් කියන්නේ රජයේ වෙනත් රැකියා කරන අයට වඩා වෙනස් වෘත්තියක් බව කී විමල් වීරවංශ මහතා ළමයින් අනුකරණය කරන්නේ සහ ආදර්ශයට ගන්නේ ගුරුවරයා හෝ ගුරුවරිය බැවින් ගුරුවරුන්ගේ බාහිර පෙනුම රජයේ වෙනත් රැකියා කරන අයගේ බාහිර පෙනුමට බලපාන බව කීය.

එන්,ජී.ඕ කාර බත් බැලයන් එක එක යෝජනා කාලෙන් කාලෙට ගේන අතර දරුවන්ගේ නිල ඇඳුම ගලවන්න කියා එක පාරට කියන්න බැරි නිසා ගුරුවරුන්ගේ ඇදුම වෙනස් කරන්න හදන බවද ව්‍යාජ අනුකම්පාවක් මවා මෙය කරන්න එපා යැයි වීරවංශ මහතා කීය.

Share with your friends :