27 C
Colombo
12/05/2026

පෙර පාසල් දරුවන්ගේ උදෑසන ආහාර වේල මැයි මස දක්වා

Share with your friends :

ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන පෙර පාසල් දරුවන්ට උදෑසන ආහාර වේල ලබාදීම සහ පන්ති සහන ගාස්තු කිරීමේ වැඩසටහන ලබන වසරේ මැයි මස දක්වා ක්‍රියාත්මක වන බවත් ඒ සඳහා ලබන වසරේ දෙසැම්බර් දක්වා අනුග්‍රහය දක්වන ලෙස ලෝක බැංකුවෙන් ඉල්ලා සිටි බවත් කාන්තා හා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

මෙම වැඩසටහන යටතේ පෙර පාසල් දරුවන් 155,000 කට උදෑසන ආහාරය ද, දරුවන් 37,500 කට පන්ති සහන ගාස්තු ද ක්‍රියාත්මක කරන බවද ඇමතිවරිය වැඩිදුරටත් කීවාය.

Share with your friends :