27 C
Colombo
10/03/2026

වරාය නගරයට නව වීසා කාණ්ඩ

Share with your friends :

කොළඹ වරාය නගරයේ ස්ථාපිත කිරීමට නියමිත ජාත්‍යන්තර වෙළෙඳ, නාවික හා මෙහෙයුම්, මූල්‍ය, තොරතුරු තාක්ෂණය හා සංචාරක වැනි සේවාවන් සඳහා පැමිණෙන ආයෝජකයින් සහ අනෙක් පාර්ශවයන් සඳහා නව වීසා කාණ්ඩ කිහිපයක් හඳුන්වා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව වාස වීසා කාණ්ඩය යටතේ ආයෝජකයින් සඳහා “ආයෝජක” වීසා කාණ්ඩය, සේවා නියුක්තිකයින් වෙනුවෙන් “සේවා නියුක්ත” වීසා කාණ්ඩය සහ කොළඹ වරාය නගරය තුළ බදු පදනම මත වාසය කරනු ලබන විදේශකයින් සඳහා “සීපීසී නේවාසික දේපළ බදු ගැනුම්කරු” වීසා කාණ්ඩය යන වීසා කාණ්ඩ හඳුන්වාදීමට නියමිතය.

Share with your friends :