27 C
Colombo
10/03/2026

ජයශංකර් සජිත් අතරත් හමුවක්

Share with your friends :

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් මහතා අතර විශේෂ හමුවක් අද (20) සිදුවිය.

එහිදී ද්විපාර්ශවීය වශයෙන් වැදගත් වන කරුණු රැසක් පිළිබඳව සාකච්ඡාවට ලක් කෙරුණු බව විපක්ෂ නායක කාර්යාලය සඳහන් කරයි.

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ඇතුළු දූත පිරිස සමග මෙම හමුව සිදු විය.

ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාවගේ සුබසිද්ධිය උදෙසා ඉන්දීය රජයේ සහයෝගය අඛණ්ඩව ලබා දෙන ලෙස විපක්ෂ නායකවරයා එහිදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළේය.

දීර්ඝ කාලයක් තිස්සේ දෙරට අතර පවත්නා ද්වීපාර්ශ්වීය සබඳතා පිළිබඳව සහ මිත්‍රශීලී පැවැත්ම පිළිබඳව එහිදී සිහිපත් කළ විපක්ෂ නායකතවරයා එය දිනෙන් දින ශක්තිමත් විය යුතු බව බව ද අවධාරණය කළේය.

Share with your friends :