27 C
Colombo
12/05/2026

ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න සූදානම්

Share with your friends :

ශ්‍රී ලංකාව සමඟ කඩිනම් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ආරම්භ කිරීමට තමන් සුදානම් යැයි ශ්‍රී ලංකාවේ ඩොලර් බැඳුම්කර හිමියන් කණ්ඩායම ලිඛිතව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දන්වා ඇත.

ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය නැවත ඇති කිරීමට සහ ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොළට නැවත ඇතුළු වීමට හැකියාව ලබා දීමට උදව් වන ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන කොන්දේසි සැලැසුම් කිරීමටත් ඒවා ක්‍රියාත්මක කිරීමටත් ශ්‍රී ලංකා බලධාරීන් සමඟ කාර්යක්ෂමව සහ කඩිනමින් කටයුතු කිරීමට බැඳුම්කර හිමියන් කණ්ඩායම සුදානම් එම ලිපියේ සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ බැඳුම්කර හිමියන්ගේ ඇඩ් හොක් කණ්ඩායම ලෙස හඳුන්වාගන්නා කණ්ඩායම විසින් මෙරට දේශීය ණය, ණය තිරසරභාවය නැවත ඇතිවන අකාරයෙන් සහ මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා වන ආකාරයෙන් නිශ්චිත කාලයක් තුළ නැවත සකස් කිරීමක් බලාපොරොත්තු වන බව එම ලිපියේ දැක්වේ.

Share with your friends :