27 C
Colombo
10/03/2026

සරසවි අනධ්‍යයන සේවකයන් ගැන නවතම හෙලිදරව්ව

Share with your friends :

සියළු විශ්ව විද්‍යාලවල අනධ්‍යන කාර්ය මණ්ඩලවල 230 සප්ත වාර්ෂික නිවාඩු ලබා සේවයෙන් බැහැර වී සිටින බව විගණන පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.

මෙලෙස නිවාඩු ලැබූ අයගෙන් බහුතරය මෙරට වෙනත් රැකියාවල යෙදී සිටිමින් තවත් වැටුපක් ලබන බවද අනාවරණය වී ඇත.

ඊට අමතරව ඔවුන් විශ්ව විද්‍යාලයෙන් ද වැටුප් ලබන අතර ඒ අනුව ඔවුන් වැටුප් දෙකක් ලබන බවද අනාවරණය වී ඇත.

සප්ත වාර්ෂික නිවාඩුව ලබන කාලය තුළ මෙම අධ්‍යයනය සේවකයන් ගේ කාර්යභාරය පිළිබඳව කිසිදු සොයා බැලීමක් සිදු නොවන බවද විගණන් අංශ පෙන්වා දෙයි.

Share with your friends :