27 C
Colombo
11/03/2026

ජනපතිගෙන් අති විශේෂ ගැසට්ටුවක්

Share with your friends :

අත්‍යවශ්‍ය සේවා රැසක් අලුතින් අර්ථ දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අති විශේෂ ගැසට් නිවේදනයකට අත්සන් තබා තිබේ.

මගීන් හෝ භාණ්ඩ පිටකිරීම්, මැදිරි ගොඩබෑම, ගබඩා කිරීම, බෙදා හැරීම සහ ආහාර පාන භාණ්ඩ හෝ ගල් අඟුරු, තෙල්, ඉන්ධන ඕනෑම වරායක් තුළ ඇති යාත්‍රාවලින් ඉවත් කිරීම පොදු ප්‍රවාහන සේවා බවට ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර ඇත.

එමෙන්ම මාර්ග, පාලම්, බෝක්කු, ගුවන් තොටුපළ, වරාය සහ දුම්රිය මාර්ග ඇතුළුව මාර්ග, දුම්රිය හෝ ගුවන් මගින් ප්‍රවාහන සේවා සඳහා පහසුකම් සැපයීම සහ නඩත්තු කිරීම, වහාම ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය සේවාවන් ලෙස ද ගැසට් නිවේදනය මගින් අර්ථ දක්වා ඇත.

Share with your friends :