27 C
Colombo
11/03/2026

අයි.එෆ්.සී මුදල් හුවමාරු ක්‍රමයට ඩොලර් මිලියන 400ක් දෙයි

Share with your friends :

ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ක් මුදල් හුවමාරු පහසුකම යටතේ ලබා දීමට තීරණය කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.

මෙම මුදල අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා උදව් වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව ප්‍රකාශ කර තිබේ. ඖෂධ, ආහාර සහ පොහොර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා මුදල් සැපයීමට ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රේෂණ සහ අපනයන වලින් සියයට 30 ක ප්‍රමාණයක් හසුරවන මෙරට පුද්ගලික බැංකු තුනක් සඳහා මෙම පහසුකම ලැබෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව නිකුත් කළ ප්‍රකාශයේ දැක්වේ.

මෙම පහසුකම මගින් ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා අවශ්‍යව තිබෙන විදෙස් සංචිත ලැබෙනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව සඳහන් කර ඇත.මෙම පහසුකම ලබා දීම තුළින් ශ්‍රී ලංකාව පිළිබඳ විශ්වාසය ආයෝජක ප්‍රජාව අතර වර්ධනය වනු ඇති බවත් ඒ ඔස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහාය වීමට නව ආයෝජන ගලා එනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව පවසා තිබේ.

Share with your friends :