27 C
Colombo
11/03/2026

හිරු එළියෙන් විදුලිය ගන්න ව්‍යාපෘති 330කට අවසර

Share with your friends :

විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය මෙම වසරේ (2023) සිට 2026 වසර දක්වා වසර හතර තුළ පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති 330 ක් ක්‍රියාත්මක කරන බවත් රාජ්‍ය ආයතනවලින් අනුමැතිය දියහැකි ව්‍යාපෘති කඩිනම් කිරීමට සහ අනුමැතියන් දිය නොහැකි ව්‍යාපෘති වෙනුවෙන් දැනට දී ඇති තාවකාලික බලපත්‍ර අහෝසි කිරීමටත් තීරණය කළ බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අනෙකුත් රාජ්‍ය ආයතනවලින් අවශ්‍ය බලපත් සහ අනුමැතියන් ලබා ගැනීමේ සහ එම ලබා ගෙන ඇති බලපත්‍ර දීර්ඝ කරගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම ද උපදෙස් දුන් බව ද අමාත්‍යවරයා කීය.

අමාත්‍යවරයා සහ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් සහ නියෝජිතයන් සමග පැවැති සාකච්චාවකදී අමාතයවරයා එසේ පවසා තිබේ.

එම අවස්ථාවට විදුලිබල අමාත්‍යංශය, විදුලිබල මණ්ඩලය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය, පරිසර අධිකාරිය, වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, ඉඩම් අමාත්‍යංශය, වැවිලි කර්මාන්ත අමාත්‍යංශය, වාරිමාර්ග අමාත්‍යංශය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ධීවර අමාත්‍යංශය, මාර්ග සංවර්ධන අධිකාරිය, ජල සම්පාදන මණ්ඩලය, පළාත් පාලන ආයතනවල ඇතුළු වතු සමාගම් නියෝජනය කරන නිලධාරීන් මාර්ගගත ක්‍රමයෙන් සම්බන්ධ වූහ.

Share with your friends :