27 C
Colombo
11/03/2026

පළාත් පාලන මැතිවරණය කල්දැමීම ගැන ඇමරිකාවෙන් රතු එළියක්

Share with your friends :

එළඹෙන මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණය කල් දැමීම ඇමෙරිකා එක්සත් ජනපද සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුවේ සභාපති බොබ් මෙනෙන්ඩෙස් මහතා හෙළා දැක තිබේ.

ශ්‍රී ලංකා ජනතාවගේ ජනමතය ප්‍රකාශ කිරීමේ අයිතිය නොසලකා හැරීමට දරණ සෑම උත්සාහයක්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී මෙන්ම ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් සෘජු උල්ලංඝනය කිරීමක් බව බොබ් මෙනෙන්ඩෙස් මහතා පෙන්වා දී ඇත.ඒ හේතුවෙන් තවත් ප්‍රමාද නොකර නිදහස් හා සාධාරණ පළාත් පාලන මැතිවරණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බව බොබ් මෙනෙන්ඩෙස් මහතා ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණය කල් දැමීම පිළිබඳව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය විසින් නිකුත් කරන ලද වාර්තාවක් උපුටා දක්වමින් බොබ් මෙනෙන්ඩෙස් මහතා මෙම ප්‍රකාශය සිදුකර ඇත.ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම එළඹෙන මාර්තු 9 වැනිදා මැතිවරණය පැවැත්විය නොහැකි බව ඉකුත් පෙබරවාරි මස 24 වැනිදා නිල වශයෙන් ප්‍රකාශ කළේය.මැතිවරණය පවත්වන නව දින එළඹෙන 3 වැනිදා ප්‍රකාශ කිරීමට නියමිතව ඇත.

Share with your friends :